මිල අඩු එන්නතක්

මිල අඩු එන්නතක්

October 2, 2023   08:50 pm

මැලේරියාව ට එරෙහිව භාවිත කළ හැකි ඉතා ලාභදායී එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදී තිබේ.

එම එන්නත නිපදවා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වන අතර එය මැලේරියාව ට එරෙහිව මෙතෙක් නිපදවා ඇති දෙවැනි එන්නත ලෙස සැලකෙයි.

වාර්ෂිකව ඉතා විශාල පිරිසක් මැලේරියාව ට ගොදුරු වෙයි.

ඉන් බහුතරයක් ළමුන් සහ බිළිඳුන්‍ ය.

2021 වසරේදී මැලේරියා රෝගීන් මිලියන 247ක් හමුවී තිබූ අතර මියගිය ගණන 619,000කි.

ඉන් බහුතරයක් කුඩා ළමුන් වූ අතර මැලේරියා ආසාදිතයින් ගෙන් 95%ක් හමුවන්නේ අප්‍රිකානු මහද්වීපයෙනි.