සයුරෙන් එතෙර
කුණු එකතු කරන මෝදි
October 1, 2023 09:15 pm
"Swachh Bharat Abhiyan - Clean India Mission" නම් ඉන්දියාව පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද අද (01) එකතු වී තිබුණි.
ඔහු මේ සඳහා සහභාගී වී ඇත්තේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ශරීර යෝග්‍යතා ක්‍රියාකරුවෙකු වන අංකිත් බයියන්පුරියා (Ankit Baiyanpuriya) සමඟ එකතුව පරිසරය සුද්ද පවිත්‍ර කරමිනි.
අංකිත් සමඟ පරිසරය පිරිසිදු කළ විඩියෝ පටයක් සිය ට්විටර් ගිණුමේ පළ කරමින් නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇත්තේ, අද දිනයේ සියලුදෙනා පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කළ බවත්. තමන් සහ අංකිත් ද එය සිදුකළ බවත්ය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ පිරිසිදු කිරීමෙන් ඔබ්බට ගොස් එය ශරීරයේ යෝග්‍යතාවය වැඩිදියුණු කර ගැනීමට ද යොදා ගත යුතු බවය.
ඉන්දියාව පිරිසිදු කිරීමේ මෙහෙයුම "Swachh Bharat Abhiyan" පළමුවෙන් ආරම්භ කර ඇත්තේ 2014 වසරේ ඔක්තෝම්බර් මස 02 වනදාය.
ඊට සමගාමිව අද දවසේ ද ඉන්දියාවේ විශේෂ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි.
Today, as the nation focuses on Swachhata, Ankit Baiyanpuriya and I did the same! Beyond just cleanliness, we blended fitness and well-being also into the mix. It is all about that Swachh and Swasth Bharat vibe! @baiyanpuria pic.twitter.com/gwn1SgdR2C
— Narendra Modi (@narendramodi) October 1, 2023