රාත්‍රී සමාජ ශාලාවක දරුණු ගින්නක්
සයුරෙන් එතෙර

රාත්‍රී සමාජ ශාලාවක දරුණු ගින්නක්

October 1, 2023   04:59 pm

Update - 08. 23 pm

ස්පාඤ්ඤ යේ මුර්සියා නම් නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් මේ වන විට 13 දෙනෙක් මියගොස් තිබේ.

එරට වේලාවෙන් උදෑසන 6ට පමණ මෙම ගින්න ඇති වී ඇති අතර එම ගින්න හේතුවෙන් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බව සඳහන් වේ.


ස්පාඤ්ඤයේ ගිනිකොණ දිග මූර්සියා නගරයේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක දරුණු ගින්නක් හට ගෙන තිබේ.

එරට වේලාවෙන් උදෑසන 6ට පමණ ගින්න හට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන් පුද්ගලයින් 7දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න හටගත් අවස්ථාවේ දී එහි විශාල පිරිසක් සිටි බව සඳහන් වේ.

ඒ අනුව, මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව බලධාරීන් පවසයි.

ගින්නෙන් පසු දුම ආඝ්‍රාණය වීමෙන් ද සිව්දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව එරට ආරක්ෂක අංශ පවසයි.