ගෘහ සේවිකාවකට කොන්ක්‍රීට් ඇණ ගිල්වූ සිද්ධියේ වාර්තාව හෙට
September 30, 2023 07:41 am
සෞදි අරාබියේ දී මෙරට ගෘහ සේවිකාවකට කොන්ක්‍රීට් ඇණ 05ක් සහ යකඩ ස්ප්‍රීන් කැබැල්ලක් බලහත්කාරයෙන් ගිල්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වාර්තාව හෙට (01) දිනයේ ලැබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහතා පැවසුවේ, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ කාන්තාව රැඳී සිටි ප්‍රදේශයට යවා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මේ අතර, මැලේසියාවේ දී පසුගියදා ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනා මලයාසියානු ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ හෝ මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වූවන් නොවන බවට අනාවරණය වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඝාතන සම්බන්ධයෙන් එරට පොලීසියට භාර වූ පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ද තවදුරටත් පරීක්ෂණ එරට ආරක්ෂක අංශ විසින් සිදු කරන බවයි.
රාජකීය මලයාසියානු පොලීසිය මඟින් මෙම පරීක්ෂණ සිදු කරන අතර, මෙම සිද්ධිය පිළිබඳ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මලයාසියානු බලධාරීන් සමඟ සමීප ව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර ඇත.