මහින්ද රාජපක්ෂ කැලණි විහාරයට

මහින්ද රාජපක්ෂ කැලණි විහාරයට

September 29, 2023   10:07 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ කැලණිය රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.

මාධ්‍යවේදීන් නැඟූ පැනයන්වලට ද හිටපු ජනාධිපතිවරයා එහි දී පිළිතුරු ලබා දුන්නේය.

එහි දී පොදුජන පෙරමුණේ නායකත්වය පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, ඒ සඳහා ඕනෑ තරම් පිරිස සිටිනා බව‍යි.