දියණියගේ ආරවුලට මැදිහත්වූ පියා මරුට
September 29, 2023 07:22 am
මිනුවන්ගොඩ අළුතැපොල ප්‍රදේශයේදී සිදු කළ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
එම ඝාතනය සිදුකර ඇත්තේ ඊයේ (28) උදෑසන කාලයේදීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 74 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරුගේ දියණිය පළමු විවාහයෙන් වෙන්වී සිටින අතර ඇය වෙනත් පුද්ගලයෙකු සමග ජීවත් වෙන බවත් ඇය ඔහු සමග ඇති කරගත් ආරවුලකට පියා මැදිහත්වීමෙන් එම පුද්ගලයා විසින් පොල්ලකින් පහරදී පියාව ඝාතනය කර තිබේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා සිටි 74 හැවිරිදි එම පුද්ගලයාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.