තවත් නාඳුනන මළසිරුරක්
September 23, 2023 06:46 am
වත්තල, දික්ඕවිට ධීවර වරාය අසල මුහුදු තීරයට නාඳුනන පුද්ගලයකු ගේ මළසිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.
ඊයේ (22) උදෑසන කාලයේ දී එම සිද්ධිය වාර්තා වූ බව පොලිසිය සඳහන් කරයි.
මරණකරු අවුරුදු 35ත් 40ත් අතර පමණ වයසේ පසු වන උස අඩි 05යි අඟල් 06ක් හා තරබාරු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙකි.
ඔහු ගේ උඩුකය නිරුවත් ව ඇති බවත් යටි කයට නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටින අතර, කළු පැහැති බඳ පටියක් පැලඳ සිටින බවත් පොලිසිය වාර්තා කර තිබේ.
හදිසි මරණ පරික්ෂණය සිදු කර මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
