ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ගැන ලසිත් මාලිංග කතා කරයි

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ගැන ලසිත් මාලිංග කතා කරයි

September 20, 2023   04:07 pm

එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරිය යුත්තේ කවුද යන්න සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්, සහ විස්තර විචාරකයන් විවිධ අදහස් පළකරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම හිටපු වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග පවසන්නේ එළඹෙන ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විය යුත්තේ දසුන් ශානක බවය.

මාලිංග පවසන්නේ දසුන් ශානක ඉතා අපහසු අවස්ථාවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය භාරගෙන කණ්ඩායමට ස්ථාවරත්වය ළඟා කරදීමට සමත් වූ බවය.

ඔහුගේ නිවුණු ස්වභාවය කණ්ඩායමට අත්‍යාවශ්‍යම කරුණක් බවද ලසිත් මාලිංග සිය නිවේදනයෙන් පවසයි.

ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරක හර්ෂා බෝග්ලේ පවසන්නේ දසුන් ශානක නායකත්වයෙන් ඉවත්වන බවට විවිධ වාර්තා පළවන බවත් ඔහුව ඒ සඳහා තල්ලුනොකරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්ය.

දසුන් ශානක හොඳ පුද්ගලයෙකු බවත් ඔහු හොඳ නායකයෙක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.