බදුල්ලේ සිදුවන මරණ ගැන බය හිතෙන හෙළිදරව්වක්

බදුල්ලේ සිදුවන මරණ ගැන බය හිතෙන හෙළිදරව්වක්

September 20, 2023   10:44 am

බදුල්ල මහ රෝහලේ ඉකුත් වසර තුළ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ 1,883න් 770 දෙනෙක් මරණයට පත්ව ඇත්තේ හෘදයාබාධයෙන් බවට තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ, එන්ජියෝ ග්‍රෑම් යන්ත්‍රයක් නොමැති වීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය මතුව ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

"මෙම යන්ත්‍රය නැත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, ඒ වගේම ඌව පළාතේ ශික්ෂණ රෝහලේ සහ රත්නපුර ශික්ෂණ රෝහලේ පමණයි. එතකොට ඌව පළාතේ මිලියන 1.5ක් වන ජනතාවට මෙම යන්ත්‍රයෙන් අවශ්‍ය සේවය ලබාගැනීමට නම් ඔවුන් කොළඹ ජාතික රෝහල, මහනුවර රෝහල,ඒ වගේම කළුතර නාගොඩ රෝහල, ඒ වගේම කරාපිටිය රෝහල, අනුරාධපුර රෝහල, පොළොන්නරුව රෝහල වගේ රෝහල් කරා යන්න ඕනේ. රෝහල් දත්තයන් සැලකීමේදී පසුගිය වසරේ පමණක් අපේ රෝහලේ පමණක් හෘදරෝග ඒකකයට 2,179 දෙනෙක් ඇතුළු වෙලා තියෙනවා. එතකොට ඒ වගේම මේ රෝගින් 750කට තමයි එන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණය කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. මේ හෘද රෝග දැඩිසත්කාර ඒකකයේ බදුල්ලේ පමණක්, මේකේ ශෝචනීය පැත්ත තමයි ගිය අවුරුද්දේ පළාත් මහ රෝහලේ සිදුකරලා තියෙනවා පශ්චාත් මරණ පරීක්ෂණ 1,887ක්. එයින් 770 ගාණක් සිදුවෙලා තියෙන්නේ හෘදයාබාද මත. හරියටම රෝහලේ සිදුවුණ මරණවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් 40%යට ආසන්න ප්‍රමාණයක් හෘදයාබාද වැලඳුන රෝගින්."

මේ අතර, මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ  හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවය.