මාතර පාසලක අවි ගබඩාවක්

මාතර පාසලක අවි ගබඩාවක්

September 18, 2023   07:11 pm

පාසලක ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබී ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මාතර මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි පාසලක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය සොයාගෙන ඇත.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ එම පාසල තුළ ඉදිකර තිබූ එම කාමරය භාවිතයට නොගන්නා එකක් බවය.

එහිදී සිවිලිමේ තිබී ටී 56 උණ්ඩ 20ක්, මි.මී.3.2 උණ්ඩ 24ක්, මි.මී. 9 උණ්ඩ 107ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට සමත්ව ඇත.

එසේම වැඩිදුර සෝදිසි කිරීමේදී එහි තිබී TNT බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සමග සේවා නූල් කිහිපයක්ද සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.