කුරුණෑගල හිටපු නගරාධිපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

කුරුණෑගල හිටපු නගරාධිපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

September 18, 2023   04:44 pm

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කෙරුණු වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත්කළ අතුරු නියෝගයක් අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණි.

එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනයක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත්කර තිබේ.

මෙම තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් සඳහන් විය.