පර්සි වෙනුවෙන් මිලියන 5ක්

පර්සි වෙනුවෙන් මිලියන 5ක්

September 18, 2023   04:41 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දිරිගන්වන්නා වන ලොවපුරා ජනප්‍රිය පර්සි අබේසේකර මහතා වෙත සුවිශේෂී පරිත්‍යාගයක් ලබා දී තිබේ.

මෙම පරිත්‍යාගය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ රුපියල් මිලියන 5ක චෙක්පතක් පර්සි අබේසේකර මහතා වෙත ලබාදුන් බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් ඊට අදාළ චෙක්පත පර්සි අබේසේකර මහතා වෙත ලබාදුනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පරිත්‍යාගය ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.