ආර්ථික වර්ධනය පසුබසී

ආර්ථික වර්ධනය පසුබසී

September 18, 2023   01:18 pm

2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී 2022 එම කාර්තුවට සාපේක්ෂව මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2022 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,683,374ක් ලෙස පැවති අතර එය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 2,597,441ක් දක්වා අඩුවී ඇත.