මී මැසි ජනපද ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක්
September 17, 2023 08:30 am
මී මැසි ජනපදවලට හානි කරන කුරුමිණි උවදුර පාලනය කිරීමට හැකියාව පවතින බව බණ්ඩාරවෙල, බිඳුණුවැව මීමැසි සංවර්ධන ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ විමුක්ති ගුරුගේ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, කුරුමිණියන් බෝවීම සඳහා පවතින හිතකර පරිසරයන් මී මැසි ජනපදවලින් ඉවත් කිරීම මඟින් එම උවදුර පාලනය කිරීමට හැකි වන බවයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, වැලිගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මී මැසි ජනපදවලට එම කුරුමිණි උවදුර හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.
එම කුරුමිණි උවදුර හේතුවෙන් මී මැස්සන් සිය ජනපද අතහැර යාමට පටන් ගෙන ඇති බව ගොවීහු පවසති.
කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබා දී ඇති බව බණ්ඩාරවෙල, බිදුණුවැව මී මැසි සංවර්ධන ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ විමුක්ති ගුරුගේ මහතා සඳහන් කරයි.