ජපන් පියාගෙන් ශ්‍රී ලංකා පොලීසියට පැමිණිල්ලක්

ජපන් පියාගෙන් ශ්‍රී ලංකා පොලීසියට පැමිණිල්ලක්

September 15, 2023   06:06 pm

තම ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතු යළි ජපානය වෙත නොපැමිණි බවට ජපන් ජාතික පියෙකු විසින් මෙරට පොලීසිය වෙත පැමිණිලි කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල සංචාරක පොලීසිය වෙතට යොමුකර ඇති බවය.

විද්‍යුත් තැපෑල හරහා මෙම පැමිණිල්ල අදාළ ජපන් ජාතිකයා විසින් යොමුකර ඇත.

අදාළ පණිවුඩය මගින් ඔහු පවසා අත්තේ නියමිත දිනයේ ඔවුන් යළි ජපානය බලා නොපැමිණි බවය.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් සංචාරක පොලීසිය විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.