වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියෙක් අතුරුදන්
September 15, 2023 09:26 am
වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකු අතුරුදන්වී තිබේ.
නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු එලෙස අතුරුදන්වී ඇත.
කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසළ සිදු කළ මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා අදාළ නිලධාරියා ගොස් තිබුණි.
මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (14) දහවල් එම වැටලීම සඳහා ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් ඇති අතර එහිදී ක්‍රියාත්මක වු මෙම කොස්තාපල්වරයා ඔවුන්ව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී අතුරුදන්වී ඇති බව පැවසෙයි.
අතුරුදන්ව ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔහු සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
