වංචනික අඹුසැමි යුවළක් සොයාගැනීම සඳහා මහජන සහාය පතයි
September 14, 2023 05:20 pm
මහනුවර, කටුගස්තොට පිහිටි පෞද්ගලික සමාගමක හිමිකරු සහ ඔහුගේ බිරිඳ විසින් ඉඩම් කට්ටි කර ලබා දෙන බව පවසා රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කර ඇති බව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි 09 ලැබී ඇත.
එම සැකකරුවන් වන්නේ, මුතුතන්ත්‍රිගේ ජූඩ් ප්‍රනාන්දු සහ එගොඩහ හාලිඇළ ගෙදර ශ්‍රීමති තිස්සකුමාරි යන අඹුසැමි යුවළයි.
මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිළිබඳ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුම්වත් කරන ලෙස පොලිස් මාධ්‍ය ඒකකය ඉල්ලා සිටී.
මුලස්ථාන පොලිස් පරීක්ෂක - 071 859 1045
මුලස්ථාන පොලීසිය මහනුවර - 081 222 2222
සැකකරුගේ සහ සැකකාරියගේ ඡායාරූප පහතින්,