ඉන්දියාවේ බියකරු වෛරස් රෝගයක්
September 13, 2023 12:29 pm
දුර්ලභ වෛරස් ආසාදනයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වෛද්‍ය බලධාරීන් පවසන්නේ "එම දෙදෙනා නිපා නම් වෛරසය ආසාදනය වීමෙන් මියගොස්" ඇති බවය.
ඉන් එක් අයෙක් අගෝස්තු මාසයේදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් තිබුණි.
ඔවුන් එකම පවුලේ සාමාජිකයින් වන බවත් තවත් දෙදෙනෙක් ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් දෙදෙනාගේ ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යවා තිබේ.
නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බවත් එය මිනිසුන් අතර පැතිරෙන්නේ ශ්‍රාව ස්පර්ශයෙන් බවත් වෛද්‍යවරු පවසති.
ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බව හඳුනාගෙන ඇති අතර මෙතෙක් ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බවද සඳහන් ය.
මේ අතර කේරළ ප්‍රාන්තයේ සමහර පාසල් සහ රජයේ ආයතන වසා දැමීමටත් පොදු ගමනාගමන සේවා තාවකාලිකව අත්හිටුවීමටත් අද (13) එම ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළේය.
ඒ නිපා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ය.