තැන තැන හමුවන මළ සිරුරු

තැන තැන හමුවන මළ සිරුරු

September 6, 2023   08:33 am

නිකවැරටිය පොලිස් වසමේ උස්මියාගාර ප්‍රදේශයේ  වෙල්යායක තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබේ.

ඊයේ(05) දහවල් නිකවැරටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම නිරුවත් පිරිමි මළ සිරුර සොයාගෙන ඇත.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ත් 45ක් පමණ වූ උස අඩි 05 පමණ වන සිහින් සිරුරක් හිමි මුහුණේ තැනින් තැන රැවුල වැවී ඇති පුද්ගලයෙකි.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ තැන්පත්කර ඇති අතර නිකවැරටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම නාඳුනන මළ සිරුරු හමුවුණි.