චැනල් 4 වාර්තාව ගැන අලුත් කතාවක්
September 4, 2023 09:12 pm
"චැනල් ෆෝ" නාළිකාව හෙට (05) දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇති ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටය ගැන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා අද දෙරණට අදහස් දැක්වීය.
අද දෙරණ ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විශ්ලේෂණ හා පර්යේෂණ රැසක් සිදුකළ - ජාතික ආරක්ෂාව සහ අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පැවසුවේ මෙවැන්නක්.
ප්රශ්නය - දැන් බ්‍රිතාන්‍ය "චැනල් ෆෝ" නාළිකාව කියනවා ශ්‍රී ලංකාවේ සිදුවුණු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මේ රට තුළ යම්කිසි දේශපාලන කණ්ඩායමක් බලයට ගෙන එන්නට සැලසුම්සහගතව සකස් කළ ප්‍රහාරයක් බව ?
ජාතික ආරක්ෂාව සහ අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ මහාචාර්ය රොහාන් ගුණරත්න -
පාස්කු ඉරිදා ප්‍රහාරය CID එකෙන් සහා TID එකෙන් ඒක විතරක් නෙවෙයි අමෙරිකාවේ FBI එකෙන් සහ ඔස්ට්‍රේලියන් ෆෙඩරල් පොලීසියෙන් ඊළඟට ඉන්ටර්පෝල් එකෙන් මේ ඔක්කොම සංවිධානවලින් පිටරටින් ආපු නිලධාරීන් සහ ලංකාවේ නිලධාරීන් රිපෝර්ට්ස් කිහිපයක් ලියලා තියෙනවා. ඒක විකරක් නෙමෙයි ලංකාවේ තොරතුරු හොයන කොමිසම් 03ක් දැන් නිකුත්කරලා තියෙනවා මේක පිළිබඳව රිපෝට්ස් තුනක් ඉතින් මේවා දිහා බලනකොට මේ චැනල් 4 එකෙන් මේ ගොල්ලෝ කතාකරලා තියෙන්නේ අර ව්‍යාජ ප්රවෘත්ති අනුව වෙච්චි දෙයක්. මම හිතන්නේ චැනල් 4 එකට ලංකාවට එන්න කියලා චැනල් 4 එකෙන් මේක විමර්ශනය කරපු අයට කතාකරලා ඊළඟට මේ රිපෝට්ස් කියවලා එක විතරක් නෙමෙයි සැකකරුවන්ටත් කතාකරන්න ඉඩදෙන්න ඕනේ. එතකොට ඒ කට්ටිය කියයි මේක මේ රජයෙන් කරපු දෙයක් නෙමෙයි. මේක අපේ හමුදාවෙන් කරපු දෙයක් නෙමයි. මේක මූලධර්මවාදීන් අන්තවාදය ඇවිල්ලා අන්තවාදයෙන් ප්‍රචණ්ඩකාරී බව ඇවිල්ලා ඒකෙන් ත්‍රස්තවාදය ආවා කියලා.
ප්රශ්නය - මම කැමතියි ටිකක් අයේ ඔබතුමා කෙටියෙන් පැහැදිළි කරනවානම් මේ ප්‍රස්කු ප්‍රහාරය පිටුපස තියෙන කතාවේ ඔබතුමාගේ මතය සම්බන්ධයෙන් ?
ජාතික ආරක්ෂාව සහ අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ මහාචාර්ය රොහාන් ගුණරත්න -
සිද්ධි 11ක් තියෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරයට ඉස්සෙල්ලා ලංකාවේ වුණ වගේ හැමතැනම මුස්ලිම් අන්තවාදී සහ මුස්ලිම් ත්රස්තවාදීන් මේ ප්‍රහාර එල්ලකරලා තියෙනවා. ඉතින් මේ ත්රස්තවාදීන් ඒ වගේම මරාගෙන මැරෙන ප්‍රහාරයක් දෙයිද මේ සිංහල නායකයෙක් වෙනුවෙන්. මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරන ත්‍රස්තවාදියෙක් අද හෙට හදන්න බැහැනේ ඒක අපි අවුරුදු ගණනක් හදන්න ඕනේ. චැනල් 4 වගේ ටෙලිවිෂන් නාලිකාවක් තොරතුරු ආපුවහම ඒවා තහවුරු කරන්න ඕනේ. මොකද මේකෙන් ලංකාව ඇතුළේ තිබෙන සාමයත් නැතිවෙනවා.