සමනල වැව ජලාශයේ ගැටලුව ගැන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
September 1, 2023 07:19 pm
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ විදුලිබල මණ්ඩලයට අයත් සමනල වැව ජලාශයේ ජලය කාන්දුවන ස්ථාන 07ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අනාවරණ කළේය.
අද (01) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ නව සඳහන් කළේය.
මේ අතර, අද අලුයම් කාලයේ සිට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකටම තවදුරටත් වැසි ඇද හැලෙමින් පවතියි.
ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 127.7ක් ලැබී ඇත්තේ ගාල්ල නාකියදෙණිය, තලංගහවත්ත ප්‍රදේශයට බව සඳහන්ය.
ඊයේ රාත්‍රියේ සිට පැවති අධික වර්ෂාවෙන් ගාල්ල කොටුව, පරවා වීදීයේ සංචාරක හෝටලයකට අයත් විශාල තාප්පයක් අද අලුයම කඩා වැටී තිබිණි.
තාප්පය කඩා වැටීමෙන් එම ස්ථානයේ නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකකට බරපතළ හානි සිදුව තිබුණු අතර, අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානි සිදු ව නැත.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද දහවල් ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික් 04කට පළමු අදියරේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළේය.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල, ඉංගිරිය සහ වලල්ලාවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවිය යුතු බව දැනුම්දී තිබිණි.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල සහ දෙහිඕවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාත් පළමු අදියරේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙලෙස දිවයිනේ එක් කොටසකට වැසි ඇද හැලෙද්දී තවත් ප්‍රදේශ රැසක් නියඟයෙන් පීඩා විඳින බව පෙනෙන්නට තිබේ.
ඒ අනුව අනුරාධපුරයට බලපෑ නියං තත්ත්වය ද තවමත් එලෙසින්ම පවතින අතර, ප්‍රදේශයේ කුඩා වැව් සිඳීගොස් ඇති බව ද සඳහන්ය.
මේ අතර, නියඟයේ බලපෑම් එල්ලවූ උඩවලව ප්‍රදේශය ආශ්රිත ප්‍රදේශවල ද තවමත් පවතින්නේ වැසි රහිත කාලගුණයකි.
උඩවලව ජලාශයේ මේ වනවිට පවතින්නේ ඉතාම සුළු ජල ප්‍රමාණයක් පමණක් බවත් වාර්තා වේ.
මෙම තත්ත්වය යටතේ කුඩාව ඔය සහ වලවේ ගඟ, උඩවලව ජලාශයට එක්වන ස්ථානයේ එකතු වී ඇති වැලි සහ රොන්මඩ ඉවත් කරන්නැයි වලව කලාපයේ ගොවීහු පසුගියදා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
එය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ මහවැලි අධිකාරියේ නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ ජලාශයේ ඉහළ කොටස වෙත පැමිණි බව වාර්තා වේ.
අනතුරුව පිරිස උඩවලව සංචාරක නිකේතනයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට ද එක්වී තිබේ.
කෙසේ වෙතත් අද දහවල් ඇඹිලිපිටිය නගරයටත් කොලොන්න ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටත් වැසි ඇද හැළුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
එමෙන්ම නියඟයෙන් දරුණු ලෙස පීඩා විඳි මහවැලි වලව කලාපයේ ස්ථාන කිහිපයකටත් අද වැසි ඇද හැළී තිබිණි.