හෙට රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබේ

හෙට රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබේ

August 29, 2023   01:00 pm

පොහොය දිනයක් වන හෙට (30) දිනයේ රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව රජය දැනුම්දෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය.

අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් එලෙස රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබෙනු ඇත.