විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක්

විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක්

August 28, 2023   11:54 am

අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට අද උදෑසන 9 සිට සවස 6 දක්වා ඇතුළුවීම වළක්වාලමින් එම නියෝගය නිකුත් කර ඇත.

දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත⁣ හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු වගඋත්තරකරුවන් 24කට සහ ඔවුන් සමග විරෝධයට සහභාගි වෙන පුද්ගලයින්ට අදාළව අධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.