තවත් අක්කර 7ක් ගින්නෙන් විනාශයි

තවත් අක්කර 7ක් ගින්නෙන් විනාශයි

August 28, 2023   09:07 am

පැල්මඩුල්ල පොලිස් වසමේ කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගලම කන්දේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (27) වන දින රාත්‍රී කාලයේ පැල්මඩුල්ල පොලීසියට ලද පණිවුඩයක් මත ක්‍රියාත්මක වූ පොලීසිය, යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

ගින්න හේතුවෙන් අක්කර 07ට ආසන්න ලඳු කැළැෑ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇත.

මේ සම්බන්ධව පැල්මඩුල්ල පොලීසිය  වැඩිදුර විමර්ශන සිදුකරයි.