බිඳවැටුණු ශ්රී ලංකා බලාපොරොත්තුව
August 27, 2023 08:40 pm
හන්ගේරියාවේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්රීඩා උළෙලේ මීටර 400 හතර පිරිමි සහාය දිවීමේ අවසන් තරගය පිළිබඳ ශ්රී ලංකාව තැබූ බලාපොරොත්තු ඊයේ (26) බිඳ වැටුණි.
ඒ එම ඉසව්වේ දෙවන මූලික වටයේ තරගයේදී අවසන් සහ 8වැනි ස්ථානයට පත් වීමත් සමගය.
මීටර 400 හතර පිරිමි සහාය දිවීමේ ඉසව්වේ මූලික වටයේ දෙවන තරගයට ජැමෙයිකාව, ප්රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ජර්මනිය, කෙන්යාව සහ ශ්රී ලංකාව සහභාගි වුණි.
ශ්රී ලංකාව නියෝජනය කරමින් එම ඉසව්වේදී තරග වැදුණේ අරුණ දර්ශන, රජිත නෙරන්ජන්, පබසර නිකූ සහ කාලිංග කුමාරගේයි.
එම ඉසව්වේ ප්රථමස්ථානය දිනු ජැමෙයිකාව, දෙවන ස්ථානය දිනූ ප්රංශය, තුන්වන ස්ථානය දිනූ ඉතාලිය සහ සිව්වන ස්ථානය දිනූ නෙදර්ලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
කාලිංග කුමාරගේ ප්රමුඛ ශ්රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට මෙම ඉසවවේ හිමි වූයේ 8 වන ස්ථානයයි.