කාසියේ වාසිය කැන්ඩි කණ්ඩායමට
August 19, 2023 07:11 pm
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තුන්වන තරගය බී ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර අද (19) පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනාගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
වනිඳු හසරංග නායකත්වය දරන කැන්ඩි කණ්ඩායම වත්මන් ශූර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයේ තුන්වන තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
දසුන් ශානක නායකත්වය දරන ගෝල් ටයිටන්ස් කණ්ඩායම පළමු අවසන් පුර්ව තරගයේදී දඹූල්ල අවුරා කණ්ඩායම හමුවේ පරාජය වූ බැවින් ඔවුන්ට අවසන් පූර්ව වටයේ තුන්වන තරගය සඳහා ක්‍රීඩා කිරීමට සිදුවුණි.
අද පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තුන්වන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම දඹුල්ල අවුරා කණ්ඩායම සමගින් හෙට (20) පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාට් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
එම මුදල් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේදී රෝහල් බලධාරීන් වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.
