header logo
SLIC
උණුසුම් පුවත්
හෝමාගම අවට පදිංචිකරුවන්ට දැනුම්දීමක්
Aug 17, 202311:06 PM
හෝමාගම අවට පදිංචිකරුවන්ට දැනුම්දීමක්
EDEX

හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා එම ඒකකය මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් මේ වනවිට යොදවා ඇත.

අද රාත්‍රී 8.30ට පමණ හටගත් ගින්න මේ වනවිටත් පවතින බවට තොරතුරු වාර්තාවෙයි.

කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි පරීශ්‍රමයක් දරමින් සිටියි.

https://youtu.be/w4XPLAquFyU
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට