ඩෝනියර්...

ඩෝනියර්...

August 17, 2023   05:58 pm

77 වන ඉන්දීය නිදහස් දිනය හා ශක්තිමත් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සමරමින් ඉන්දීය නාවික හමුදාවේ ඩෝනියර් ගුවන් යානයක් ඊයේ (16) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දී තිබේ.

 ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති අභිමානවත් උත්සවයකදී මෙම ගුවන් යානය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා වෙත භාර දෙන ලදී. 

ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ගුවන් යානය ඉන්දීය ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දුන් දෙවන ඩෝනියර් ගුවන් යානයයි. 

2022 අගෝස්තු 15 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත උත්සවාකාරයෙන් භාර දුන් පළමු ඩෝනියර් ගුවන් යානය නියමිත නඩත්තු කටයුතු සඳහා ඉන්දියාව වෙත පිටත් කෙරෙන අතර ඒ වෙනුවට මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කෙරේ. 

ඉහළ සංවේදී පද්ධතියකින් සමන්විත මෙම ඩෝනියර් ගුවන් යානය මත් ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම, වෙනත් ජාවාරම් සහ සෙවීම් සහ මුදවා ගැනීම් වැනි කලාපයේ පොදු ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු හැකියාව වර්ධනය කරයි.