තබ්බෝවත් ගිනි ගනී

තබ්බෝවත් ගිනි ගනී

August 17, 2023   08:45 am

සාලියවැව පොලිස් වසමේ  තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (16) දින සවස් කාලයේ ගින්න හටගෙන ඇති අතර සාලියවැව පොලිසිය ,යුධ හමුදාව හා කරුවලගස්වැව අඩවි වන නිලධාරීන්ගෙ සහාය ඇතිව ගින්න මැඩපවත්වා ඇත.

ගින්න හේතුවෙන් අක්කර 50ක පමණ භුමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර දේපළ හානි කිසිවක් වාර්තා නොමැති බව පොලිසිය සඳහන් කරයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධව සාලියවවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.