පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
August 17, 2023 07:46 am
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පෙර පාසල් අධ්‍යාපනය ක්‍රමය සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ පුහුණුවක් නොමැති පෙර පාසල් ගුරුවරුන්ට ද විධිමත් පුහුණුවක් ලබාදෙමින් එම කටයුතු කඩිනමින් සකස් කරන බවය.
කොළඹ පැවති උත්සවයක දී අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
"වර්ග පහකින් එන පෙරපාසල් දරුවෝ ටික තමා 1 ශ්‍රේණියට එන්නේ. එක පෙරපාසලක උගන්වනවා ඔක්කෝම ක්‍රියාකාරකම්. තව පෙරපාසලක එකේ ඉඳලා 10ට සංඛ්‍යා උගන්වනවා. තව එකක 100ට උගන්වනවා. මේ ඔක්කෝම එන්නේ 1 ශ්‍රේණියට. දැන් ජපානයේ උගන්වනවා ද ඔය ඔක්කෝම. ඔක්කෝම ක්‍රියාකාරකම්. ඒක තමා ලෝක සම්මත ක්‍රමය. ඒ නිසා අපි ජාතික අධ්‍යාපනය හෝ ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව පෙරපාසල් අවුරුදු දෙකට ඒ වැඩ රාමුව හදන්න. හදලා මම කිව්වා ඔබ තුමන්ලාගේ මාර්ගයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් පටන් ගමු විදිමත් පුහුණුවක් නැති ඔක්කෝටම. ඊට පස්සේ ඩිප්ලෝමා. ඒ කරලා සහතික කරන්න. සහතික කරන්න ඕනේ මෙයා පෙරපාසල් කරන්න සුදුසුකම් තියෙනවා කියලා. සාමාන්‍ය පෙළ අසමත් අයත් ගම්වල ළමයි 15ක් 20ක් අරන් පෙරපාසලක් පටන් ගන්න. ඒක නිසා මම ළමා කටයුතු අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ විද්වතුන් එක්ක ලබන සතියේ සාකච්ඡාවක් ලෑස්ති කළා. වැඩි කාලයක් නෑ. දැන් හදලා තියෙන්නේ ඔයගොල්ලෝ ඒක ජාත්‍යන්තර ප්‍රමිතීන් එක්ක යන විදියට හදන්න. ඩිප්ලෝමා පාඨමාලාව දෙනවා. අපි සහතික කරන අයට තමා පෙරපාසලක් පටන් ගන්න පුළුවන් වෙන්නේ."