වැල්ලවායේ කැලෑවක පුද්ගල මළ සිරුරක්

වැල්ලවායේ කැලෑවක පුද්ගල මළ සිරුරක්

August 13, 2023   09:07 am

වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්දේයාය කැලෑබද ප්‍රදේශයේ තිබී පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මළ සිරුර නරක් වී විනාශ වී ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන විට තහවුරු වී ඇත.

මියගොස් ඇත්තේ, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑවක පුද්ගලයකු වන අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය වාර්තා කරයි.

ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (13) සිදුකිරීමට නියමිත අතර, කුඩාඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණය මෙහෙයවයි.