කාණුවක අසල බිළිඳු මළසිරුරක්

කාණුවක අසල බිළිඳු මළසිරුරක්

August 9, 2023   02:09 pm

දිනක් පමණ වයසැති බිළිඳු මළසිරුරක් හමුවී තිබේ.

මුල්ලේරියාව පොලීසිය සඳහන් කළේ කැලණිමුල්ල වීදිය බණ්ඩාර මාවතේ ජලය බැසයන කාණුවක් අසල තිබී මෙම බිළිඳු මළසිරුර සොයාගත් බවය.

එම ස්ථානයට පැමිණි යුවළක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.