බුද්ධි අංශයෙන් දුන් තොරතුර ජනපති කැබිනට් රැස්වීමේදී දැනුම්දෙයි
August 8, 2023 07:13 pm
ගොවි ජනතාවගේ කෝපය උපයෝගී කරගෙන නැවත වතාවක් මහජන අරගලයක් ඇති කිරීමට යම් පිරිසක් උත්සාහ දරමින් සිටි බවට ජාතික බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තා කර ඇතැයි පැවසෙයි.
ඊයේ (07) පැවැති කැබිනට් රැස්වීමේදී මේ බව දැනුවත් කෙරුණු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) අනාවරණ කළේය.
