සුරාබදු නිලධාරීන්ට ඇප

සුරාබදු නිලධාරීන්ට ඇප

August 8, 2023   12:59 pm

වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.