චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප

චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප

August 7, 2023   02:07 pm

පසුගිය සෙනසුරාදා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වූ ඉන්දීය චන්ද්‍රයාන් - 3 අභ්‍යවකාශ යානාව ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත්කර තිබේ.

එම පින්තූර මගින් චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාට මැනවින් දර්ශනය වෙයි.

චන්ද්‍රයාන් -3 අගෝස්තු 23 වනදා චන්ද්‍රයා මත ගොඩබැස්සවීමට නියමිතය.
  
එය සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ දකුණු අර්ධයේ යානාවක් ගොඩ බැස්සවූ පළමු රට ඉන්දියාව වෙයි.

එසේම අමෙරිකාව, සෝවියට් දේශය සහ චීනයට පසුව සඳ මත යානාවක් ගොඩ බැස්සවූ සිව් වැනි රට බවට ඉන්දියාව පත්වෙයි.