
ගලෙන්බිඳුණුවැව පඬිකාරමඩුව, මහසෙන්පුර ප්‍රදේශයේ දී වන අලියකු පහර දීම හේතුවෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියකු සඳහන් කරයි.
ඊයේ (05) උදැසන කාලයේ ගලෙන්බිඳුණුවැව පඬිකාරමඩුව, මහසෙන්පුර ගම්මානයේ ජිවත් වූ පුද්ගලයන් දෙදෙනෙකු හුරුළුවැව වැව් ඉස්මත්තට ගොස් තිබුණේ, තම ගවයින්ට ආහාර ලබා දීම සඳහායි.
ගවයින්ට ආහාර ලබා දී සවස 05ට පමණ මොවුන් දෙදෙනා නැවත නිවස බලා යාමට පිටත් වී ඇති අතර, වැව් පිටියේ සැඟවී සිටි අලි දෙදෙනෙකු මොවුන් දෙදෙනා පසුපස පන්නා ඇති බව වාර්තා වෙයි.
එහි දී එක් පුද්ගලයකු අලියකුට හසුවී ඇති අතර, අලියා විසින් එම පුද්ගලයාව පාගා ඇති බව සඳහන්ය.
අනෙක් පුද්ගලයා අලින්ගෙන් මිදී දිවිබේරාගෙන ඇති නමුත් අලියා විසින් පාගා දැමුණු පුද්ගලයා මියගොස් ඇත.
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, මහසෙන්ගම, පඬිකාරමඩුව පදිංචි වයස අවුරුදු 53ක දෙදරු පියෙකි.



















































