පෙරියකුලම හදිසි මරණ පරීක්ෂකගේ වැඩ තහනම් කිරීමට තීරණයක්
August 4, 2023 03:21 pm
පසුගිය දිනවල සමාජ මාධ්‍යය තුළ සැරිසැරූ හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතන වීඩියෝපටයට අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය අද දෙරණට පැවසීය.
ඒ අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද නුදුරේදීම සිදුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය අවධාරණය කළේය.
මෙසේ කාන්තාවකට තර්ජනාන්විත ස්වරයෙන් අමතා තිබුණේ පෙරියකුලම, මරදන්කඩවල හදිසි මරණ පරීක්ෂකවරයායි.
එම කාන්තාව තම ස්වාමිපුරුෂයා මිය යාමෙන් පසුව මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමට මරණ පරීක්ෂකවරයා හමු වීමට ඔහුගේ නිවසට ගොස් තිබිණි.
මහත්තයා ලෙස තමන්ට ආමන්ත්‍රණය නොකරන ලෙසත් තමන් දෙවැනි වන්නේ මහේස්ත්‍රාත්වරයාට පමණක් බවත් පවසමින් හදිසි මරණ පරීක්ෂකවරයා අදාළ කාන්තාවට තර්ජනය කරන අයුරු වීඩියෝපටයෙහි සඳහන්ව තිබිණි.