වගා හානි සඳහා වන්දි
August 1, 2023 11:58 am
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වගා හානි සඳහා වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය පිළිබඳ ඊයේ (31) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා කටයුතු සිදුකරගෙන යාම සඳහා ජලය මුදාහැරීම ගැටලුවක්ව පවතී.
කෙසේවෙතත් ජල විදුලි නිෂ්පාදනය සඳහා කෙසේ හෝ ජලය ලබාදීම සිදුකෙරෙන අතර, පානීය ජලය ලබාදීම පිළිබඳ මේ දක්වාත් ගැටලුවක් නොමැති බව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා වී ඇත.
මෙම ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් වගා හානි සඳහා වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර, ඒ අනුව ඉදිරියේ දී එම ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව සඳහන්ය.
ඉදිරියේ දී එම තත්ත්වය තවත් දරුණු තත්ත්වයට පත් වනු ඇති බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ජලය අරපරිස්සමෙන් භාවිත කිරීම සියලු පාර්ශවල වගකීමක් බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.