පාකිස්තානයේ බිහිසුණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස ඉහළට
July 31, 2023 10:01 am
පාකිස්තානයේ බාජූර් හී ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද දේශපාලන රැළියකට එල්ල වු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 44 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර මරණ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.
විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ ප්‍රහාරය සිදුකළ ත්‍රස්ත සංවිධානය හෝ ප්‍රහාරයේ අරමුණ තවදුරටත් තහවුරු වී නොමැති බවය.