වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්
July 28, 2023 12:17 pm
කළුතර උතුර වස්කඩුව වෙරළ තීරයේ තිබී අවුරුදු තුනක්, හතරක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
මියගිය දැරියගේ අනන්‍යතාව මෙතෙක් හදුනාගෙන නොමැති අතර, අද (28) මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසයි.
මේ අතර, වත්තල හේකිත්ත ප්‍රදේශයේ හැමිල්ටන් ඇළේ තිබි අවුරුදු 20ත් 30ත් අතර වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද සොයාගෙන තිබෙනවා.