ප්‍රකට ආර්ථික විශේෂඥයා තට්ටු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට

ප්‍රකට ආර්ථික විශේෂඥයා තට්ටු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට

July 24, 2023   10:07 am

ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වූ අමල් සඳරත්න මහතා නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ ඔහු රොස්මිඩ් පෙදෙසේ පිහිටි එම නිවාස සංකීර්ණයේ 7 වන මහළෙන් බිමට වැටී ඇති බවය.  

සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ලෙස ඔහු කටයුතු කළේය.

මියයන විට ඒ මහතා 47 වන වියේ පසුවුණි.