නෙදුන්කේනි පොලිස් වසමේ වෙඩිතැබීමක්

නෙදුන්කේනි පොලිස් වසමේ වෙඩිතැබීමක්

July 22, 2023   08:40 am

නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී ඊයේ (21) වෙඩිතැබීමක් සිදුව තිබේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, සිද්ධිය ආරංචි වූ නෙදුන්කේනි පොලිසිය තුවාලකරු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

කෙසේවෙතත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව තුවාලකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගොස් ඇත්තේ, වයස අවුරුදු 58ක පට්ටිකුඩිරිප්පු-නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවකි.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නෙදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.