කළුතර උපකාරක පන්ති ගුරුවරයාට ඇප
July 21, 2023 05:41 pm
උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි කළුතර උපකාරක පන්ති ගුරුවරයා ඇප මත මුදාහැරීමට කළුතර මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
මේ අතර කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා එළඹෙන 27 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.