header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
ජාතික ආර්ථිකය දියුණු කිරීම සුබ සිහිනයක් පමණක් ද ?
Jul 21, 202312:13 PM
ජාතික ආර්ථිකය දියුණු කිරීම සුබ සිහිනයක් පමණක් ද ?
Mobitel 1278

ආනයනය යනු, රටට අවශ්‍ය දෑ වෙනත් රටවලින් මිල දී ගැනීම ලෙස සරල ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීමකට එළැඹිය හැකිය. එනයින් අපනයනය යනු, රටේ නිෂ්පාදන වෙනත් රටකට අලෙවි කිරීම ලෙස හඳුනාගත හැකිය. ආනයන හා අපනයන ක්‍රියාවලිය සිදුවන්නේ, රුපියල් ශතවලින් නම් නොවේ. ඒවා සිදුවන්නේ විදේශ මුදල්වලිනි. අපට අවශ්‍ය ඇල්පෙනෙත්ත පවා ගෙන්වා ගැනීමට අපට ඩොලර් අවශ්‍ය වේ. එදිනෙදා අප මිල දී ගන්නා බොහෝමයක් භාණ්ඩවල "මේඩ් ඉන් චයිනා" යනුවෙන් සඳහන් කර තිබෙන අයුරු අපි දැක ඇත්තෙමු. ඒවා අප විසින් ඩොලර් ගෙවා මිල දී ගන්නා, නොඑසේ නම්, ආනයනය කරල ලද භාණ්ඩය. ආනයන හා අපනයන ක්‍රියාවලිය අතර ඇති මුදල් පරතරය යනු, යම් රටක ආර්ථිකය කියවාගත හැකි සාර්ථක පැතිකඩකි. ආනයන වියදම්වලට වඩා අපනයන ආදායම වැඩි නම්, එරට ආර්ථිකය හොඳ තත්ත්වයක පවතිනවා යැයි අනුමාන කළ හැක. නමුත් ශ්‍රී ලංකාවට එසේ සිතිය නොහැක. අප රටට කවදත් තිබුණේ, අපනයන ආදායම ඉක්මවා ගිය ආනයන වියදමකි. කෙසේ හෝ 1948 සිට අද දක්වා ගත වූ කාලය තුළ අප සියලු දේ ගෙන්වා ගත්තේ පිටරටිනි. අපට අවශ්‍ය කිසිවක් මෙරට තුළ නිෂ්පාදනය කරගන්නට අපි අපොහොසත් වීමු.

ආනයනයට වැට බැඳුණු හැටි

කොවිඩ් අර්බුදය හා ඉනික්බිති ආර්ථික අර්බුදය සමඟ ශ්‍රී ලංකාව මුහුණ පෑ ප්‍රධානම අභියෝගය වූයේ, විදේශ මුදල් සංචිත හිඟ වීමය. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කිරීම බරපතළ අභියෝගයක් බවට පත් විය. එහි ප්‍රධානම හැරවුම් ලක්ෂය බවට පත් වූයේ, ගෑස් හා ඉන්ධන ආනයනය කිරීමට වත් ඩොලර් නොමැති වීමය. ඒ හේතුවෙන් ජන ජීවිතයේ මූලික අවශ්‍යතා වූ විදුලිය හා ප්‍රවාහනය අර්බුදයකට ලක් විය.

මීට අමතරව විවිධ ආකාරයේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් සඳහා ආනයන සීමා පැනවිණි. විශේෂයෙන් ඉලෙක්ට්‍රෝනික උපාංග විශාල ප්‍රමාණයක් සඳහා මෙම ආනයන සීමා බලපෑවේය. මේ හේතුවෙන් ජංගම දුරකථන හා පරිගණක වැනි අත්‍යවශ්‍ය විද්‍යුත් උපාංගවල මිල දෙගුණ, තෙගුණ වන්නට විය. විශේෂයෙන් ජංගම දුරකථනවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යන්නට වුණු අතර, දුරකථන අමතර කොටස් ද අධික මිල ගණන්වලින් යුක්ත විය.

මීට සමගාමීව වාහන ආනයනයට ද තිත තැබුණි. වාහනයක් මිලදී ගැනීම අතිශය අපහසු කාර්‍යයක් බවට පත් වූ අතර, වාහන අමතර කොටස්වල මිල ගණන් ද විශාල ලෙස ඉහළ ගියේය. මේ ආදී සියලු කරුණු කාරණා සමඟ ලාංකේය ජන ජීවිතය ප්‍රබල අභියෝගයකට ලක්වූ අතර, සමාජයේ සෑම ජන ස්ථරයකටම සිය ආර්ථික තලයෙන් පසුපසට යන්නට සිදුවිය. මෝටර් රථයක් ගැනීමට සිටි පුද්ගලයන්ට යතුරු පැදියක් ගන්නට සිදුවූ අතර, හොඳ වර්ගයේ ජංගම දුරකථනයක් ගැනීමට සිටි අයට සාමාන්‍ය ජංගම දුරකථනයක් ගැනීමට සිදු විය.

මේ පිළිබඳ ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැනි අදහසකි,

''යම් රජයක් ආනයන සීමා පනවන්න බලපාන හේතු 02ක් තියෙනවා. එකක් තමා රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම. ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව දේශීය නිෂ්පාදන අවස්ථා පුළුල් කිරීම තමා අනිත් අරමුණ. මට අනුව ඒ දෙකම වැරදියි. ආනයන සීමා ආවේ කොවිඩ් අර්බුදය නිසා. ආනයන සීමා දානකොට ඩොලර් එක තිබුණේ 180ට වගේ. ඒත් ආනයන සීමා දාලා තියෙනකොටත් ඩොලර් එක තුන්සිය ගණන්වලට ගියා. ආනයන සීමා කළා කියලා රුපියල අවප්‍රමාණය අඩු වෙනවා කියන එක බොරුවක් කියලා ඒකෙං ඔප්පු වෙනවා''

''ආනයන සීමා කිරීමට වඩා පොලී අනුපාත තමා රුපියල රැකෙන්න බලපාන්නේ. සල්ලිවල මිල අඩු වැඩි වීම තමා මේකට බලපාන්නේ. එහෙම නොවුණම තමා මිනිස්සු උන්ඩියල් වගේ ඒවට පෙළඹුණේ. ආනයන තහනම හා රුපියල අවප්‍රමාණ වීම කියන එක එකිනෙකට බලපාන්නෙ නැති සංසිද්ධි දෙකක්. අපනයනය වැඩි කිරීම තමා අත්‍යවශ්‍ය දේ''

''එළියෙන් ඉඳං ඕන එකක් කියන්න පුළුවන්. ඒ වෙලාවෙ තිබ්බ අර්බුදය එක්ක ආනයන සීමා කිරීම ගන්නම තිබ්බ තීරණයක් වෙන්න ඇති. ඒ නිසා මම ඒක හරි කියන්නෙත් නෑ වැරදියි කියන්නෙත් නෑ. ආනයන සීමා කරන එක ලේසී. හැබැයි ලිහිල් කරන එක ගොඩක් අමාරු වැඩක්. මොකද ආනයන සීමා කළාම ඒවට අදාළ බාහිර වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. එතකොට ඒවගෙ බලපෑමත් මේකට එනවා. දේශීය නිෂ්පාදන වැඩි කරන්න නම් තරගකාරිත්වය වැඩි කරන්න ඕනේ. තරගකාරිත්වය වැඩි වුණාම තමා දේශීය නිෂ්පාදන වැඩි වෙන්නේ. තරගකාරිත්වය තියන කෙනාට ආනයන තහනම් අදාළ වෙන්නේ නෑ. අපිට හොඳට ක්‍රිකට් ගහන්න බැරි වුණා කියලා අනිත් කණ්ඩායම් එක්ක අපි තරග නොකර හිටියා කියලා වැඩක් නෑ. අපි හොඳට ක්‍රිකට් ගහන්න පුරුදු වෙන්න ඕනේ''

මේ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යලයයේ මහාචාර්‍ය ප්‍රියංග දුනුසිංහගෙන් කළ විමසීමක දී ඔහු අවධාරණය කළේ මෙවැන්නකි,

''ආනයන සීමා දාන වෙලාවෙදි අපිට තිබුණේ, ගෙවුම් ශේෂය ගැන ප්‍රශ්නයක්. රටට එන විදේශ විනිමය අඩුයි. රටින් පිටට විදේශ විනිමය ගොඩක් යනවා. ඒ නිසා දිගින් දිගටම ආනයනය කළොත් රුපියල අවප්‍රමාණය වෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව තීරණය කළා ආනයන සීමා කරන්න. අපි ණය ශ්‍රේණිගතකිරීම්වල දුර්වල තැනකට ආවා. අයි.එම්.එෆ් ණය ගන්න බැරුව ගියා. ඒ නිසා ආනයන සීමා කිරීම හැර වෙන විකල්පයක් තිබුණේ නෑ''

''රුපියල පාවෙන්න ඉඩහැරියා නම්, මේ තත්ත්වය ටිකක් පාලනය කරගන්න තිබ්බා. එහෙනම් ආනයනයත් ඉබේ පාලනය වෙනවා. අපි කළේ වැරදි කළමනාකරණයක්. රුපියල අල්ලං ඉඳලා එක සැරේම අතෑරියා. අපි රුපියලට හැඩගැහෙන්න දුන්නෙ නෑ. ඒකයි මේ දේවල් වුණේ. වාහන ආනයනය සීමා කිරීම නම් ඉතාම කාලෝචිත තීරණයක්. එච්චර සුඛෝපභෝගී ජීවිතයකට යන්න තරම් අපිට විදේශ විනිමය තිබුණේ නෑ. කොහොමත් ආනයන පාලනය අපිට මීට කලිනුයි කරන්න තිබ්බේ. 2013-14 කාලයේ තිබ්බ ආනයන පාලන ක්‍රමය ඉතාම හොඳ එකක්. යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ඒක වෙනස් කළා. දැං ආනයන ලිහිල් කරන එක විධිමත්ව වෙන බවක් මට පේන්න තියනවා. ලිහිල් කරන්න ඕනේ කාණ්ඩ විදියට. රටට විදේශ විනිමය එන විදිය බලලා තමා ඒක කරන්න ඕනේ. හැබැයි වාහන ආනයන සීමා නම් ලිහිල් කරන්න බැරි වෙයි. මොකද එච්චර විනිමය ප්‍රමාණයක් අපිට තාම නෑ. වාහනත් ගෙන්නන්න ගත්තොත් ආයෙ ඩොලර් එක උඩ යයි''

අයි.එම්.එෆ් සහ සීමා ලිහිල්කරණය

2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිතව තිබුණු විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය ශ්‍රී ලංකාවට හිමි විය. ඒ අනුව සමස්ත ණය මුදල වන ඇමරිකානු ඩොලර් බිලියන 2.9යෙන් ඇමරිකානු ඩොලර් මිලියන 333ක මුදලක් ශ්‍රී ලංකාවේ විදේශ ව්‍යවහාර ගිණුම්වලට එකතු විය. අයි.එම්.එෆ් ණය අනුමත වීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ ආර්ථික හා සමාජයීය වෙනස්කම් රාශියක් ඇති විය. උපයන විට අය කෙරෙන බදු විශාල වශයෙන් වැඩිවූ අතර, අයි.එම්.එෆ් යෝජනා අනුව ජාතික ආදායම උපයාගැනීම සඳහා බදු මුදල්වලට වැඩි බරක් තැබීමට පාලකයන්ට සිදුවිය. මේ හේතුවෙන් වෘත්තිකයන් රට හැර යාමේ තත්ත්වයක්ද ඇති වූ බව විචාරකයෝ පවසති.

විදුලි බිල වැඩිවීම, ජල ගාස්තු වැඩිවීම වැනි හේතු නිසාද සාමාන්‍ය ජනතාව විශාල ලෙස පීඩා විඳිති. රජය පවසන්නේ ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වන විට මෙම ගාස්තු සංශෝධනය කළ හැකි බවය. ඒ අනුව මේ වනවිට විදුලි බිල යම් ප්‍රමාණයකින් හෝ අඩුකිරීමට කටයුතු කර තිබේ.

ආනයනය සීමා කළ භාණ්ඩ මොනවා ද?

ආනයනය සීමා කිරීම පිළිබඳ අප ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී ඔවුන් අවධාරණය කළේ, 2023 ජනවාරි 01 වන දා ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රය තුළ භාණ්ඩ 1469ක ආනයනය සීමා කළ බවය. කොවිඩ් අර්බුදය හේතුවෙන් 2020 අප්‍රේල් මාසයේ නිකුත් කළ ගැසට් පත්‍රය තුළින් පළමු වරට මෙම ආනයන සීමා පැනවුණු බවත් ඊට පසු වරින් වර සීමා වීම් හා ලිහිල් කිරීම් සිදුවූ බවත් එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය. 2023 ජූලි 20 වන දා ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රයට අනුව තවත් භාණ්ඩ 327කට අදාළ ආනයන සීමා ඉවත් කර තිබිණි. ඒ අනුව තවත් භාණ්ඩ 866ක් සඳහා ආනයන සීමා පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම ආනයන සීමා අතර වාහන සහ ටයිල් වැනි දේ පවතින අතර, දැනට රජයෙන් නිවේදනය කර ඇත්තේ, එළැඹෙන සැප්තැම්බර‍ය වන විට ඉතිරි භාණ්ඩවල ද සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇති බවය. නමුත් සැප්තැම්බරයේ ලිහිල් වීමට නියමිත භාණ්ඩ අතරට වාහන කාණ්ඩය බොහෝ විට ඇතුළත් නොවනු ඇති බව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පැවසීය. ඊට හේතුව කුමක්දැයි විමසීමේදී ඔවුන් පැවසුවේ, වාහන ආනයන ක්‍රියාවලිය සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වන නිසා දැනට එම තීරණය ගැනීම අපහසු විය හැකි බව‍ය.

ජංගම දුරකථන මිල වැඩි වීම පිළිබඳ එම දෙපාර්තමේන්තුවෙන් විමසීමේ දී ඔවුන් සඳහන් කළේ, ජංගම දුරකථන ආනයනයට අදාළව විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රයක් මිස ආනයන සීමා බලපෑමක් නොකරන බවය. පසුගිය සමයේ ජංගම දුරකථන මිල වැඩි වීමට හේතු වූයේ, ඩොලරයේ බලපෑම මත මිස ආනයන සීමා නිසා නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත් ජූලි මාසය වන විට සමහර භාණ්ඩ සඳහා ආනයන සීමා ලිහිල් කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා කළේය. ඒ අනුව රථවාහන හැර සෙසු භාණ්ඩ බොහොමයක් සඳහා එළැඹෙන සැප්තැම්බර් මස පළමු සතියේ සිට ආනයන සීමා ඉවත් කිරීමට රජය තීරණය කිරීමට ඉඩ තිබේ. දැනට භාණ්ඩ වර්ග 286ක ආනයන තහනම ඉවත් කර ඇති අතර, වෙනත් භාණ්ඩ 929කද ආනයන සීමාවලින් ඉවත් කිරීම මෙහිදී සිදුකෙරෙනු ඇතැයි පැවසේ. එය සැප්තැම්බර් මාසයේදී අදියර දෙකක් ඔස්සේ සිදුවීමට නියමිත අතර, එසේම ආනයන සීමා කිරීමෙන් ශ්‍රී ලංකාවට පසුගිය සමයේ කෝටි 52,638ක මුදලක් ඉතිරි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉකුත් ජූලි 18 වන දා සඳහන් කර තිබිණි.

ආනයන සීමා කාලය තුළ දේශීය නිෂ්පාදන වර්ධනය වුණා ද?

ආනයන සීමා පැනවීම තුළින් යම් රාජ්‍යයක් බලාපොරොත්තු විය යුත්තේ, දේශීය නිෂ්පාදන හා කර්මාන්ත නඟා සිටුවීමය. ආනයන සීමා පැනවුණු කාලය තුළ පවතින පරිභෝජන රික්තකය පිරවිය යුත්තේ, දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම හරහා බව ජාතිකවාදී අදහසකි. නමුත් පසුගිය සමයේ පැවති ආනයන සීමා කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ එවැනි එළැඹුමක් පැවතුණු බව පැවසීම සැක සහිතය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එවැනි දේශීය ආ‍ර්ථිකයක් නිර්මාණය වීමට අදාළ ආර්ථික ප්‍රතිපත්ති මෙරට ක්‍රියාත්මක නොවන බවය.

"මම දකින විදියට ලංකාවේ දේශීය නිෂ්පාදන දුර්වල වෙන්න හේතු කිහිපයක් තියෙනවා. ලංකාවේ අපනයනයට අදාළව තියන නීති සහ රෙගුලාසි ගොඩක් වැඩී. ඒකෙං අපනයනකරුවා අධෛර්‍යවත් වෙනවා. මම දන්න විදියට අපනයනයට අදාළව නීතිමය අවසර ගන්න ආයතන 16කට යන්න ඕනේ. ඒ වගේම ලංකාවේ අපනයනකරුවාට භූමිය, ශ්‍රමය,ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන 04ත් හරියට නෑ. ගොඩක් වෙලාවට භූමියේ අයිතිය තියෙන්නේ රජයට. කෘෂිකර්මාන්තයට තාක්ෂණය ඕනෙ කියලා අපි කිව්වට, තාම ගොවියට හරියට බැංකු ලෝන් එකක් වත් ගන්න බෑ. බැංකු ලෝන් එකට ප්‍රාග්ධනය බලපානවා. වී ගොවිතැනට ඕන කරන පොහොර ටික හදාගන්න වත් අපිට තාම ක්‍රමයක් නෑ. අපනයනයට තියා අපේ පරිභෝජන අවශ්‍යතාවට ඕන කරන පොහොර ටික වත් නෑ. ඒ ප්‍රාග්ධනය උපයන්න ඕනේ අපනයනයෙන්. ඒකට සේවා හා භාණ්ඩ අපනයනය කරන්න ඕනේ. ඔය මූලික පරිසරය හදන්නේ නැතුව දේශීය ආර්ථිකය හදන්න බෑ''

මේ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යලයයේ මහාචාර්‍ය ප්‍රියංග දුනුසිංහගෙන් කළ විමසීමක දී ඔහු අවධාරණය කළේ, සියයට සියයක් දේශීය නිෂ්පාදන යන්න මිත්‍යාවක් වන බවය.

''අපි අහනවා ආනයන සීමා කාලයේ දේශීය නිෂ්පාදන ඇතිවුණා ද කියලා. දේශීය නිෂ්පාදන කිවුවට ඒවා තනිකරම දේශීය නිෂ්පාදන නෙවෙයි. දේශීය නිෂ්පාදනවලට ඕන අමුද්‍රව්‍ය කොච්චර තියනව ද ආනයනය කරන්න ඕන වෙන. දැං තියෙන්නේ 1960-70 ගණංවල තිබ්බ දේශීය ආර්ථිකයක් නෙවෙයි. සීයට 60ක් දේශීය නම් සීයට 40ක් ම ආනයනය කරන්න ඕන ඒවා. අමුද්‍රව්‍යවලට ආනයන සීමා දාලා දේශීය ආර්ථිකයක් හදන්න බෑ. පහුගිය අර්බුදය කාලේ ගෑස් තිබුණෙ නෑ, විදුලිය නෑ. එතකොට කොහොම ද දේශීය ආර්ථිකයක් ඇතිවෙන්නේ. ගොවිතැන වැටුණා, ධීවරයො වැටුණා. කොහෙවත් සියයට සියයක් දේශීය නිෂ්පාදන කියලා එකක් නෑ. වැඩි පංගුවක් දේශීය අමුද්‍රව්‍ය වෙන එක විතරයි වෙන්නේ. මම අවසාන වශයෙන් කියන්න කැමතියි. 2013-14 කාලයේ තිබ්බ ආනයන සීමා තමා දිගටම පවත්වාගෙන යන්න තිබුණේ''

මේ ආදී මතවාද විමසීමේදී අපට පැහැදිලි වන කරුණක් වන්නේ, ලංකාව තවමත් දේශීය නිෂ්පාදන හෝ ජාතික ආර්ථිකය පිළිබඳ සුබදායී ස්ථානයක පසු නොවන බවය. ඒ සඳහා අවශ්‍ය මූලික පදනම හෝ නොමැති තත්ත්වයක් තුළ අපි තවමත් ජාතික ආර්ථිකය දියුණු කිරීමේ සුබ සිහිනය දකිමින් ජීවත් වෙමු.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපෙන හැටි -''ලකුණු බිංදුව වුණාම රියදුරු බලපත්‍රය තාවකාලිකව තහනම් කරනවා''

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපෙන හැටි -''ලකුණු බිංදුව වුණාම රියදුරු බලපත්‍රය තාවකාලිකව තහනම් කරනවා''

දකුණම හෙල්ලූ බද්දේගම පාතාල ගේම | Ada Derana

දකුණම හෙල්ලූ බද්දේගම පාතාල ගේම | Ada Derana

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ