දරුවන් සිව්දෙනෙකුගේ ජීවිත අනුනවයෙන් බේරෙයි

දරුවන් සිව්දෙනෙකුගේ ජීවිත අනුනවයෙන් බේරෙයි

July 18, 2023   10:32 am

නිලාවේලි ගෝපාලපුරම් ප්‍රදේශයෙන් මුහුදට බැස සිටි පාසල් සිසුන් සිව්දෙනෙක් රළ පහරකට හසුවී ගසාගෙන යමින් සිටිය දී නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව තිබේ.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් එම දරුවන්ව බේරාගෙන ඇති අතර ඔවුන් වව්නියාව නෙළුම්කුලම ප්‍රදේශයේ සිට සංචාරයක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි පිරිසකි.

එලෙස බේරාගෙන ඇත්තේ අවුරුදු 12,10,14 සහ 9 යන වයස්වල පසුවන පාසල් සිසුන් සිව්දෙනෙකි.

පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් විසින් එම දරුවන්ව නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි වාර්තා වේ.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් තිදෙනෙක් මුහුදු වෙරළේ රාජකාරියේ නිරතව සිටිය දී දරුවන් රළ පහරට හසුවී ගසාගෙන යන අයුරු දැක වහාම මුහුදට පැන ඔවුන්ව බේරාගැනීමට සමත්ව ඇත.