පූනාගල රක්ෂිතයේ ගින්නක්...

පූනාගල රක්ෂිතයේ ගින්නක්...

July 18, 2023   09:17 am

පුනාගල කදු රක්ෂිතයේ ඊයේ (17) රාත්‍රියේ විශාල ගින්නක් හටගෙන ඇති අතර එම ගින්න අද (18) අලුයම වන තුරු රක්ෂිතයේ වේගයෙන් පැතිර යමින් තිබුණි.

මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න හේතුවෙන් රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇත.

සංවේදී පරිසර පද්ධතියක මෙම ගින්න පැතිර ගොස් ඇති අතර අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වී තිබුණි.

ඡායාරූප - ජයන්ත වීරසේකර