
රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූඨ ලෙස අලෙවිකරන මාළඹේ ප්‍රදේශයේ ගබඩාවක් සම්බන්ධයෙන් තොරතුරු "අද දෙරණ" උකුස්සාට වාර්තා විය.
මෙම ගබඩාව වසර ගණනාවක සිට මාළඹේ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ උකුස්සා මාළඹේ, මිහිඳු මාවතේ පිහිටි අදාළ ගබඩාවට යන විටත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එහි පැමිණ විමර්ශන කටයුතු අරඹා තිබුණි.
පරීක්ෂා කිරීම්වලදී කල් පිරුණු රසායන ද්‍රව්‍ය ඇසුරුම් කළ බෝතල් විශාල ප්‍රමාණයක් සහ රෝහල්වල රසායනගාරවල භාවිත කරන උපකරණද සොයා ගැනීමට හැකිවිය.
ඇතැම් රසායන ද්‍රව්‍ය පාසල් වෙත නිකුත් කරන බව ද එම ගබඩාවේ හිමිකරු පැවසු අතර එම ද්‍රව්‍ය සඳහා ලේබල් ගැසීමක් සිදුනොකරන බව ද ඔහු පැවසීය.
එමෙන්ම මෙම රසායන ද්‍රව්‍ය නිෂ්පාදිත සමාගම්වල ස්ටිකර් ගලවා එහි කල් ඉකුත් කිරීමේ දින වෙනස් කර ඇති බවද අනාවරණ වී තිබුණි.
අනතුරුව ගබඩාවේ ඉහළ මාලයට පිවිසි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට අව් රෂ්මියට නිරාවරණය කර තිබුණු හිස් කුඩා වීදුරු බෝතල්ද දැකගන්නට හැකි විය.
ඉන් පසුව සිදුවූයේ කුමක්ද ? ඒ පිළිබඳ තොරතුරු හෙට (17) රාත්‍රී 6.55 ට බලාපොරොත්තු වන්න.





















































