ලක්ෂ 56ක වාලම්පූරියක් අලෙවි කිරීමට ගිය හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට
July 13, 2023 12:43 pm
රුපියල් ලක්ෂ 56ක් පමණ මුදලකට වාලම්පුරියක් අලෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ජාඇළ නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අගල් 14ක් පමණ දිගැති වාමාවර්තව කැරකී ඇති දුඹුරු සහ සුදු පැහැයෙන් යුතු ඉතා වටිනා වාලම්පුරියක් මෙලෙස සැකකරුවන් විසින් අලෙවි කිරීමට සුදානම්ව සිට ඇති බව පොලිසිය සදහන් කරයි.
කිරිඳිවැල, නිට්ටඹුව, අංගොඩ සහ මාලිගාකන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් පැමිණි කැබ් රථයක් සහ යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ඔවුන් අද (13) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.