මඟී ප්‍රවාහන අවසර පත්‍රය නොමැතිව ධාවනය වන බස්රථ සොයා තවදුරටත් වැටලීම්

මඟී ප්‍රවාහන අවසර පත්‍රය නොමැතිව ධාවනය වන බස්රථ සොයා තවදුරටත් වැටලීම්

July 12, 2023   01:06 pm

මඟී ප්‍රවාහන අවසර පත්‍රය නොමැති ව ධාවනය වන මඟී බස් රථ සොයා සිදුකරන වැටලීම් පුළුල් කිරිමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, ඊයේ (11) දිනය තුළ පමණක් මඟී ප්‍රවාහන අවසර පත්‍ර නොමැතිව කොළඹ සිට මඩකලපුවල යාපනය හා මන්නාරම බලා ධාවනය වු බස් රථ හතරක් සිය භාරයට ගත් බවයි.

වැටලීම් කටයුතු සදහා කණ්ඩායම් 4ක් අනුයුක්ත කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර ඇත.

මේ අතර, පසුගිය දා මනම්පිටිය ප්‍රදේශයේ දි සිදුවූ බස් රථ අනතුරත් සමඟ උතුරු මැද සහ නැඟෙනහිර පළාතේ තාවකාලික බලපත්‍ර මත ධාවනය කෙරෙන බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරිමට බලධාරීන් ගත් පියවර අගය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.