මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියයයි

මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියයයි

July 5, 2023   05:42 pm

මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඉන් එක් පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයා අනතුරකින් මියගොස් ඇති අතර ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.